ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වයහා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට අප රටේ  පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය අද තීරණය කරනු ලැබුවා.
අද දින පෙරවරුවේ ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙම සාකච්ඡාවට ලංගම, ජාතික ගමනාගමන කොමිසම සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්සහභාගි වි සිටියා.

එහි දී ගත් තීරණ අනුව ලබන සඳුදා දින (08) දුම්රිය හා බස් රථ ඇතුලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමත්, මතුවන ගැටළු හාඅභියෝගවලට මුහුණ දෙන ආකාරයත් සාකච්ඡා කරනු ලැබ තිබෙනවා.

දැනට ලංගම බස් රථ 5300ක් පමණ හා පුද්ගලික බස් රථ 23000ක් පමණතිබුන ද, මගී ප්‍රවාහනයේදී දී එම තත්ත්වය කිසිසේත්ම පප්‍රමාණවත් නොවේ.

මගීන්ට ආසන නොමැතිව හිටගෙන පවා යාමට සිදුවන්නේ ඒ නිසා බවත්  කොවිඩ්19 වසංගතය නිසා ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහණය අනිවාර්යය කර තිබේ. එමනිසා සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහණ සේවා පවත්වාගෙන යාමේ දී ගැටලුරැසක් මතුවන බව අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී පෙන්වා දුන්නා.

ඒ අනුව දැනට තිබෙන පුද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනයකිරීමට පියවර ගනු ලැබේ.

ඊට අමතරව පාසැල් ප්‍රවාහණ බස් රථ, විනෝද හාවන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරිමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලු බස් රථ තාවකාලිකව මගී ප්‍රවාහණයසඳහා යොදවනු ලැබේ.

එම බස් රථ තාවකාලික ලියාපදංචි කිරීම හෙට දින (03) සිටම ඇරඹෙන අතරජාතික ගමනාගමන කොමිසම හෝ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අදාල ලියාපදිංචි කිරීම් සිදු කරනු ඇත.

එමෙන්ම දුම්රියේ දිනකට මගීන් 1.47,00ක් පමණ ගමන් කරන අතර දුම්රියතුළ ආසන ඇත්තේ 25,000ක් පමණ අඩු ප්‍රමාණයකි.


දුම්රියේ ද මගීන්ප්‍රවාහණය කරනු ලබන්නේ ආසන ගණනට පමණක් වන නිසා පොදු ප්‍රවාහණය භාවිතා කිරිමේදී  දී හැකිතාක් තම ගමන් බිමන් අත්‍යවශ්‍ය ඒවා සඳහාපමණක් සීමා කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වුවද ප්‍රවාහණ සේවාවන් ලිහිල් කරනු ලබන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් පරිදි හා ඉදිරි දිනවල මහජනතාවගේ හැසිරීම මෙන්ම කොවිඩ්19 රෝග තත්ත්වය සැළකිල්ලට ගනිමින් බවත් අමාත්‍යවරයා අවධාරණයකලේය.