පරාධ කල්ලි සාමාජිකයකු වූ කංජිපානි ඉම්රාන් නැමත්තාගේ පියා මාලිගාවත්ත, සද්ධර්ම මාවතේ දී පෙරේද (17) පස්වරුවේ කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇත්තේ ඉන්දියාවේ සැගව සිටින තවත්
සංවිධානාත්මක අපරාධකරුවකු වන ''පුකුඩුකන්නා'' නමැත්තා ගේ මෙහෙයවීමෙන් ඔහුගේ කල්ලියක් විසින් බවට තොරතුරු හෙළිවූ බව පොලිසිය කියයි.


පුකුඩුකන්නා නැමැත්තාගේ පියා 2018 වසරේ දී මෝදර තැපැල ආසන්නයේදී කංජිපානි ඉම්රාන් සහ මෝදර සෙල්විගේ කල්ලිය විසින් ඒඑම් අයුරින්ම කපා කොටා මරාදමා ඇති බවත් එම සිද්ධියදී පළිගැනීම සඳහා පුකුඩුකන්නා නැමැත්තා විසින් මෙම සිද්ධිය මෙහෙයවා ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

පූකුඩුකන්නා නමැත්තා ඉන්දියාවේ සිට නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් මෙම ප්‍රහාරය මෙසේ මෙහෙයවා  ඇති බවද කියති.  මෙම පහරදීම සඳහා ත්‍රිරෝද රථයකින් තිදෙනකු පැමිණ ඇති බවත් කංජිපානි ඉම්රාන්ගේ පියාට මන්නා පිහිවලින් පහරදී තිබූ බවද එම පොලිස් නිලධාරියා කීය.

සිද්ධියෙන් තුවාල ලැබූ (65) හැවිරිදි පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනෙක් ත්‍රිරෝද රථයක් හා ආයුධත් සමග අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් පැය 48 රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාස සහ මාලිගාවත්ත පොලිසිය එක්ව මෙම සැකකරුවන් ඊයේ සවස මටිටක්කුලිය හා කාකදුපත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

(ඉන්දිකා රාමනායක,බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)