Sinhala Edition English Edition
Facebook Official Fanpage Official Twitter Account Rss Feed
Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

කොරෝනා ආසාදනය නිසා පසුගිය අප්‍රේල් මස 02 වනදා ජීවිතය හැර ගිය 4 වැනි ශ්‍රී ලාංකිකයා වූ රත්මලාන වෙඩිකන්ද පාරේ විසූ 58 හැවිරිදි මාරියෝ හේමාල් සිල්වා මහතා වෙනුවෙන් ඒ දිනවල අවසන් කටයුතු සිදු කර තිබුනේ නිරෝධායන නීති අනුව බොහෝ සීමාකම් සහිතවය.
මේ වනවිට අගුළුදැමීම ලිහිල් කර ඇති නිසා හේමාල් ද සිල්වා මහතාගේ භෂ්මවාශේෂ
තැන්පත් කිරිම ඊයේ (28) රත්මලාන ශාන්ත මරියා දේවස්ථානයේ සිට සුසාන භුමිය දක්වා ඉතා ගෞරවනිය ලෙස ඥාති හිතමිතුරන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන්නට යෙදිණි.  මෙම ඡායාරූප වල දැක්වෙන්නේ එම අවස්ථාවයි.

තම බිරිය සමග ඉන්දියාවේ වෙලන්කන්නි කතෝලික පල්ලියේ වන්දනා ගමනකට ගොස් නැවත ලංකාවට ආ අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේදී ඉතාලියේ සිට පැමිණි නිරෝධායනයට අකමැත්තෙන් කලහ කළ පිරිසට මැදිවන්නට සිදුවීමෙන් හේමාල් මහතාට කොරෝනා වැළඳෙන්නට ඇති බවට ඒ දිනවල සැක පළ කෙරිණි.


ඔහු රෝගය බෝවීමෙන් පසු ප්‍රතිකාර සඳහා යොමු වන්නට අවශ්‍ය පියවර ගත් අතර ඒ දිනවල ඇතැම් මාධ්‍ය ඔස්සේ ඔහු රෝගය පැතිරවූ බවට වැරදි ආරංචි නිසා ඥාතීන් කණස්සල්ලට පත්ව තිබුණි.

බම්බලපිටිය ශාන්ත පිතර විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ හේමාල් මහතා පුද්ගලික ආයතනයක කළමනාකරුවෙකු ලෙස සේවය කළ අයෙකි.

මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ නිශාන්ත සිල්වා, අෂෙන් රෙහාන් සිල්වා අචලා බස්නායක සහ ශානි සිල්වා යන අයයි. මහේන්ද්‍ර ගුණතිලක ගරු පියතුමා පූජ්‍ය ප්‍රගීත් පෙරේරා පූජ්‍ය ශාන්ත මරියා පූජ්‍ය ට්‍රෙවර් මාටින් සහ රත්මලාන ශාන්ත ජෝශප් පල්ලිය  ඊට දායක විය.
මෙම අවසන් කටයුතු අතර හිතවතුන් තැබූ සටහනක් මෙසේය.

'ඔබ ඔබේ ඇස් වසාගෙන හෝ ඔබේ අවසන් සුසුම් හෙලනු අපි දුටුවේ නැත.
අපට දැනගන්නට ලැබුණේ ඔබ නැති වී ඇති බව පමණි.
අප සමුගැනීමේ වචන කථා නොකළ අතර සමුගැනීමට කාලයක් නොතිබුණි.
අප දැන ගැනීමටත් පෙර ඔබ මෙලොවින් ගොස් තිබූ අතර, එයට හේතුව දන්නේ දෙවියන් වහන්සේ පමණි.
අපගේ හදවත් තවමත් ශෝකයෙන් හා රහසිගත කඳුළු වලින් ගලා යයි.
අපි ආදරය කරන අය යන්නෙ නැත, ඔවුන් හැමදාම අපි ළඟ ඇවිදින බව සිතේ.
නොපෙනෙන, නොඇසූ, නමුත් සෑම විටම සමීප හා තවමත් ආදරය කරන,
තවමත් මග හැරී ඇති ආදරණීය බව සිහියට නැගේ.ෙ
එබැවින් අපගේ එකම සැනසිල්ල නම්, ඔබ යේසුස් වහන්සේගේ තුරුළට ගිය බව විශ්වාස කිරීම සහ එතැන සුවපහසු ලෙස විවේක ගැනීමයි.'


























Load more news >>

Gossip Lanka Previous News

Latest Side News

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter