පවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ වදින සමඟි ජන බලවේගයේ අපේක්ෂකයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.



ඒ කල්පිටිය ප්‍රදේශයේ මැතිවරන නීති රීතිවලට එරෙහිව මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණා යන චෝදනාවටය. මොහු සමඟ තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

අදාළ සිදුවීම සම්බන්ධව ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ කල්පිටිය පොලිසිය  විසින් මොවුන් පැමිණි ජීප් රථයත් එහි තිබු පෝස්ටර් 4000 ප්‍රමාණයක්  අත්අඩංගුවට ගෙන තිබේ. තවදුරටත් පොලිසිය පවසා සිටියේ සිදුකළ ප්‍රශ්න කිරීම් වලට අනුව එම මැතිවරණ පත්‍රිකා ප්‍රදේශයේ ප්‍රදර්ශනයටත් ජනයා අතර බෙදා දිීමටත් ගෙන විත් තිබූ බව අනාවරණය වී තිබේ.

මොවුන් අද දින (19) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.