සුගියදා දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ටයර් දමා පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.
මාතලේ කොට්ඨාශ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන් ඊයේ (29) රාත්‍රියේ දඹුල්ල පොලිසිය වෙත භාරදී ඇත.
පසුගිය 16 වනදා දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ කැලෑවක් තුළ
ටයර් දමා පුද්ගලයෙකු පුළුස්සා ඇති බව පොලිසිය සොයා ගැනුණා.
මෙලෙස ඝාතනයකර ඇත්තේ වැලි ටිපර් ‍රියදුරෙක් ලෙස කටයුතු කළ කහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ ද තවත් වැලි ටිපර් හිමිකරුවන් තිදෙනෙකු බව පොලිසිය පැවසු අතර මොවුන් ගෝනවැව ඉදිකිරීම් සඳහා වැලි සපයන පිරිසක් බව හෙළිව ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු මියගිය වැලි ටිපර් රියදුරුගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
මෙම ඝාතනයට දින කිහිපයකට පෙර ටිපර් රථයක් මඟින් පරණ ටයර්, සිරුර පිලිස්සූ ස්ථානයට ගෙනවිත් දමා තිබෙනවා.

අනතුරුව පසුගිය 16 වන දින ප්‍රධාන සැකකරු මියගිය පුද්ගලයා සමඟ දඹුල්ලට පැමිණ මත්පැන් සාදයක් පවත්වා ඇති බව කරුණු අනාවරණය වී ඇත.
අනතුරුව උදැල්ලකින් ගෙල කපා මෙම ඝාතනය කර ටයර් දමා ගිනි තැබූ බව සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ බව දඹුල්ල පොලිසිය පවසනවා.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ මෙම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා අනෙක් සැකරුවන් දෙදෙනාගේ ද සහය ලබාගෙන ඇති බවයි.