අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරන බව ජනපති මාධ්‍ය අංශය දන්වා ඇත. කොරෝනා වෛරසය පාලනය කරනු පිණිස
මාර්තු 20 වැනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය වරින්වර ලිහිලි කිරීම් වලට ලක්වූ අතර ජූනි 13 සිට ක්‍රියාත්මක වූයේ රාත්‍රී 12 සිට උදේ 4 දක්වා පමණි.
හෙට (29) පාසල් විවෘත කිරීමට (සිසුන්ට හැර) හා රජයේ කාර්යාල සම්පූර්ණ කාර්යාල සේවකයින්ගේ පැමිණීම සහිතව වැඩ ඇරඹීමට රජය පසුබිම සකසා ඇති අතර ඇඳිරි නීතියද ඒ අනුව යමින් ඉවත් කර තිබේ.
මාර්තු 20 වැනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය වරින්වර ලිහිලි කිරීම් වලට ලක්වූ අතර ජූනි 13 සිට ක්‍රියාත්මක වූයේ රාත්‍රී 12 සිට උදේ 4 දක්වා පමණි.

