පාමංකඩ ඊශ්වරී පාර අසළ අයිඒඑස් ආසන්න ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඊයේ (14) සිදුවූ අනතුරෙන් මියගිය කාන්තාව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණිය බව වාර්තාවේ.
41 හැවිරිදි ඇය
පිළියන්දල ගොරකපිටිය පදිචිකාරියකි.

ඇයගේ සැමියා වැගන් ආර් රථය පැදවූ අතර ඔහුටද බරපතල තුවාල ලබා දැන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
වාහනය හැපුනේ නිල්පැහැති සුබාරු රථයකය. එම රථය පැදවූ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික තරුණයා ඊයේ රාත්‍රී ලංකා හොස්පිටල්ස් පුද්ගලික රෝහලට ඇතුළත්ව සිටියේය.
පාමංකඩ, ඊශ්වරී මාර්ගය අසල මෙම අනතුර සිදුවූයේ ප්‍රධාන පාරෙන් එක්වරම අතුරු පාරට දමන්නට හැදූ අළුපැහැ වැගන් ආර් රථය  අනෙක්පසින් වේගයෙන් පැමිණි ස්පෝට්ස් වර්ගයේ සුබාරු මෝටර් රථයේ ගැටීමෙනි. වාහනය හරවන පුද්ගලයාට තිබූ කලබලය මෙන්ම අනෙක් පස වාහනය පැදවූ තැනැත්තාට තිබූ නොඉවසීම මෙම අනතුරට හේතුවූ බව ඇසින් දුටුවෝ දන්වා සිටියහ.
එම අනතුරේ CCTV දර්ශණ පහතින් දැක්වෙයි.