ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා සහ සිනමා නිළි යශෝධා විමලධර්ම ගැන සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවත් සංසරණය වීමට පටන්ගෙන තිබේ. 95 වියැති බර්ටි ගුණතිලක කලාකරු මියගොස් ඇති බවට
පැතිර ඇති ආරංචිය අසත්‍යයක් බව ඔහුගේ මුණුබුරකු වන ශෙහාන් ගුණතිලක තහවුරු කර තිබේ.
මේ අතර යශෝධා විමලධර්ම හොලිවුඩයේ වෝක් ඔෆ් ෆේම් තරු නාමාවලියට

ඇතුළත්වී ඇති බවටත් ඇය ඇගේ නම සහිත තාරුකා ලාංඡනය සමග ඡායාරූප වලට පෙනී සිටි බවටත් ආරංචියක් පළව තිබේ.

එහි සත්‍ය තත්වය නම් එවැනි ඡායාරූප ලබාගැනීම එම පෙදෙසේ සංචාරය කරන අයට සුළු මුදලක් ගෙවා සිහිවටනයක් ලෙස ලබාදෙන අවස්ථාවක් වීමය. මීට වසර කිහිපයකට පෙර යශෝධා එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අවස්ථාවක මතක සිහිවටනයක් ලෙස එම අවස්ථාවට අදාළ ඡායාරූප ලබාගෙන තිබී ඇත.
එම ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇත්තේ වෙනත් අරුථකිනි.