මහ ඉඳුරුව විජයධම්ම පිරිවෙන් විහාරාධිපති හිමියන් ඝාතනය කරලා

ඉඳුරුව මහ ඉඳුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති යටියන බුද්ධානන්ද හිමියන් (73) ඝාතනය කර ඇතැයි. කොස්ගොඩ පොලීසිය කියයි.
විහාරස්ථානයේ කුටි කිහිපයක් අවුස්සා ඇති බව නිරීක්ෂණය වූ බව ද පොලීසිය කියයි. උන්වහන්සේ පෙරේදා (28) රාත්‍රී ඝාතනය කරන්නට ඇතැයි තමන් සැකකරන බවත් අවශ්‍යතාවකට විහාරස්ථානයකට ගිය ළමයින් දෙදෙනකු විහාරාධිපති හිමියන් ගැන සොයා බැලීමේදී උන්වහන්සේගේ මළ සිරුර දැක ඒ බව තමන්ට දැන්වීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන්ගේ මළ සිරුර ඊයේ (29) වැනිදා සොයාගත් බව ද පොලීසිය කියයි.කොස්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)