යේ (11) රාත්‍රී පානදුර හිරණ බොල්ගොඩ ගඟේ පාලම අසල නතර කර තිබූ මෝටර් රථයක් බොල්ගොඩ ගඟට වැටී කාන්තාවක් මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා විය. එම වාහනයේ සිටි පිරිමියා බේරී ඇති අතර දැන් අත්අඩංගුවේ පසුවේ. මියගිය කාන්තාව 28 හැවිරිදි එක්දරු මවක වන අතර පිරිමියා 43 හැවිරිදි විවාහකයෙකි.
මෙම කාන්තාව මියයාම පසුපස කතාව
ගැන දැන් විවිධ ආරංචි පළවන නමුත් තවම ඇත්තම සිදුවීම පැහැදිලි නැත. මෝටර් රථයක් තුළ කාන්තාව සමග කතා කරමින් සිට ටික වේලාවකින් මෝටර් රථය පණ ගන්වා පිටව යාමට සූදානම් වෙද්දී මෝටර් රථය එකවරම ඉදිරියට ඇදී ගොස් ගඟට වැටුණ බව අත්අඩංගුවට පත්වූ පිරිමි පුද්ගලයා පවසා ඇත.

මෙම වාහනය කුලී පදනම මත ලබාගත් එකක් බවට පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. මෙම කාන්තාව හා පිරිමියා රාත්‍රී 7 ට පමණ අන්ධකාරය පැවති ස්ථානයේ කවරක් කතාකරමින් සිටියේද යන්න ගැන මේ වනවිට සැකකටයුතු කාරණා මතු කර තිබේ. මෙම දෙදෙනාම එකම ඇඟළුම් කම්හලක සේවය කරන සේවකයින් දෙන්නෙකු බවත් කාන්තාව මැෂින් ඔපරේටර්වරියක හා පිරිමියා සුපර්වයිසර් ලෙස කටයුතු කරන්නන් බවත් ආරංචි පළව තිබේ.

වාහනය මරුටි 800 සුසුකි වර්ගයේ මැනුවල් වාහනයක් වීම නිසා වායුසමීකරණය ක්‍රියාත්මක අවස්ථාවක පණගැන්වීමේදී ගියර් මාරු කරන ප්‍රමාදය මත බෑවුමකින් වැටීමට සුළු සම්භාවිතාවක් පැවතිය හැකි බවට තාක්ෂණික මතයක්ද පළව තිබේ.

වාහනය වැටුණ අවස්ථාවේ අවට සිටි පිරිස් සහයෝගයෙන් ක්‍රියාත්මකවීම නිසා ජීවිත දෙකින් එකක් බේරිණි.
ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා පිරිමි පුද්ගලයා බේරා ගත්ත ද කාන්තාව ගොඩ ගැනිමට පැයකට ආසන්න කාලයක් ගත වී තිබූ බවත් එලෙස ගොඩගන්නා අවස්ථාව වනවිට වතුර පෙවී ඇය මියගොස් තිබූ බවත් පොලිසිය සදහන් කරයි .
මියගොස් ඇත්තේ පානදුර ගල්තුඩේ පදිංචි 28 හැවිරිදි  එක්දරු මවකි.
මෝටර් රථයේ සිටි පිරිමි පුද්ගලයා කලුතර උතුර ප්‍රදේශයේ 43 හැවිරිදි විවාහකයෙකුවූ අතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
පානදුර රෝහලට රැගෙන යන විටත් කාන්තාව මියගොස් තිබිණි .
සිද්ධිය ගැන ස්වර්ණවාහිනී හා සිරස වීඩියෝ වාර්තා පහතින්