ම්බලන්තොට රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයේ අමතක වූ  රුපියල් ලක්ෂයක මුදල ඊට පසු පැමිණි පුද්ගලයෙකු විසින්  රැගෙන එම රාජ්‍ය බැංකුවේ කළමනාකරු අතට පත් කිරීමෙන් පසු එම මුදල හිමිකරු බැංකුවට ගෙන්නා  ඔහුගේ අතටම එම මුදල ලබාදීමේ පුවතක්
අම්බලන්තොට නගරයෙන් වාර්තාවේ.
 අම්බලන්තොට මහජන බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි අම්බලන්තොට මහඇළකණ්ඩිය, කොග්ගල්ල පදිංචි ඩී. සජිත් තිවංක නමැත්තා  රුපියල් ලක්ෂයක  මුදල යන්ත්‍රයෙන් පිටතට නොගෙන කාඩිපත පමණක් රැගෙන  එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
 ඊට පසුව යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි හුංගම
විජයබා ජාතික පාසලේ ගුරුවරයකු වන වයි.අයි. ලක්මාල්  මහතා එම රුපියල් ලක්ෂයේ මුදල අතට ගෙන බැංකුවේ  කළමනාකරු අතට ලබාදීමෙන් පසු මුදල් අයිතිකරු කවුරුන්ද  යන්න සොයා බලා ඔහුට දුරකතන ඇමතුමක් ලබා දී ඔහු බැංකුවට ගෙන්වා මුදල අයිතිකරු අතට ලබාදීම මහජන බැකුවේ අම්බලන්තොට ශාඛාවේ මෙහෙයුම් කළමනාකරු  ඉදිරියේදී සිදුකෙරිණි.
මුදල් අයිතිකරුට දුරකතන ඇමැතුම ලබා දෙන විටදිටත්  මුදල් තමා අතේ නොමැති බව ඔහු නොදැන සිටි බවද, හදිසියේ කාඩ් පත පමණක් යන්ත්‍රයෙන් රැගෙන එම මුදල්
වෙනත් කෙනෙකුට ලබා දීමට ගමන් කරමින් සිටියදී දුරකතන ඇමැතුම ලැබුණු බවත්. එවිට මුදල් අතේ නොමැති බව තේරුම් ගිය බවත් මුදල් අයිතිකරු පැවසු බව කළමනාකරු කීය.

 (අම්බලන්තොට සනත් ගමගේ)