වෛද්‍යවරයාගේ 79 ලක්ෂයේ කොල්ලය ඇල්ලූ කොස්තාපල් සිතුම් ඩිෆෙන්ඩරයේ වැදී මරුට CCTV

Ad Code

වෛද්‍යවරයාගේ 79 ලක්ෂයේ කොල්ලය ඇල්ලූ කොස්තාපල් සිතුම් ඩිෆෙන්ඩරයේ වැදී මරුට CCTV

කොළඹ ජාතික රෝහලේ මුදල් ගෙවීම් අංශයේ රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය වලක්වමින් මුදල් කොල්ල කෑ සැකකාර වෛද්‍යවරයා මුදල් සමග අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු සිද්ධියට පසුදා රිය අනතුරකට ලක්ව තිබූ අතර  කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දී අද (14) අලුයම මියගොස් ඇත
රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී නිරතව සිටි

පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම නිලධාරියා පසුගියදා 11 දා රාත්‍රියේ බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිපෙන්ඩර් රථයක් ගැටී බරපතළ තුවාල ලැබීය.
බීමත්ව සිටි රියදුරෙකු මෙම අනතුර සිදු කර තිබූ බව දැක්විණි.
අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොස්තාපල්වරයා අද (14) අළුයම මියගොස් ඇත.මෙම නිලධාරියා වයස අවුරුදු 22ක් වූ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu