කොරෝනා උවදුර සමයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත අතටම භාරදෙන්නැයි ලියුමක් එවා එහි රුපියල් 5000 නෝට්ටුවක් අරමුදල වෙනුවෙන්
ලියුමක් සමග අමුණා එවූ හිටපු ගම්සභා සභිකයකු වූ මැදිරිගිරියේ පදිංචි අසූහය වියැති එස්.බී හේවාහැට ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ පරිත්‍යාගශීලීත්වය අගය කරමින් ඔහු අතින්ම එම මුදල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා වෙත ලබාදීම අද සිදු විය.

හේවාහැට මහතා තම පවුලේ සාමාජිකයන්ද සමග පැමිණ මිරිසවැටිය පුද බිමේදී එම මුදල ජනාධිපතිතුමා වෙත අද (20) පරිත්‍යාග කළේය.

මෙම මුදල කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීමට නියමිතයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් මිරිසවැටිය විහාරස්ථානයේ දී සියක් නමක් උදෙසා අද  පැවැති දානමය පිංකම අතරතුරදී මෙම සිදුවීම සිදුවිය.