කුවේට් රාජ්‍යයෙන් ඉකුත් දා මෙරටට ගෙන්වා ගත් ලාංකිකයන් 466 දෙනා එරටින් පිටත්ව යාමට පෙර, පිසීආර් (PCR) පරික්ෂණ සිදු කරන ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කුවේට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද එය කළ නොහැකි බවට එම අමාත්‍යාංශය කුවේටයේ ගී ලංකා තානාපති කාරයාලයට දැනුම් දී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.



 ඉකුත් මැයි 11 සහ 14 යන දිනවල රාජ්‍ය තාන්ත්‍රික සටහන්  මගින්, නැවත මෙරටට ගෙන්වා ගන්නා පුද්ගලයන් සඳහා පි.සී.ආර් පරික්ෂණ සිදු කරන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතත්, එය සිදු කළ නොහැකි බවත්, කොවිච් වයිරස රෝග ලක්ෂණ සහිත කිසිදු මගියකුට ගුවන් යානයට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන බවත් කුවේට විදේශ අමාත්‍යංශය එම රාජ්‍යතාන්ත්‍රික සටහන්වලට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත එහිදී දන්වා ඇතැයි එම අමාත්‍යංශය කියා සිටී.

කුවේට් රාජ්‍යයෙන් පිටත්ව යන, වෙනත් රටවලින් පැමිණි කිසිවකු සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කර නොමැති බවද කුවේට් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ යැයිද විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එලෙස කුවේටයෙන් පැමිණි 466 දෙනාගෙන් 379 දෙනකු එරට පොදු සමා කාලයෙහි ප්‍රතිලාභ ලබා අප්‍රේල් 21  25 දක්වා කාලය තුළ කඳවුරුවල සිටි සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂාවෙන් සිටි බවද විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.'කුවේට එයාවේස්' ගුවන් යානා දෙකකින් දිවයිනට පැමිණි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි. 

 විදේශගතව සිට මෙරටට ගෙන්වා ගත්නා ශ්‍රී ලාංකිකයන්ට ගමන ආරම්භයට පෙර එම රටවලදී පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ද විදේශ සබඳතා අමාත්‍යශය කරුණු විමසා බලා තිබෙන නමුත් මේ වන විට එම බොහෝ ස්ථානවල පවතින සීමිත පහසුකම් හේතුවෙන් පීසීආර් පරීක්ෂක්ෂාව සිදු කර ගැනීමේ අවස්ථාව හිමිව ඇත්තේ බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන තැනැත්තන්හට පමණක් බවද අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් වේ.

(තිළිණි ද සිල්වා)