කතෝලික දේවස්ථාන හා ප්‍රධාන පෙළේ හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් පාස්කු ඉරිදා තෝරා ගැනීමට මෙන්ම එම ප්‍රහාර එල්ල කිරීමට ශ්‍රී ලංකාවම තෝරා ගැනීමට

හේතු වූ කාරණා 13ක් පිළිබඳ පාස්කු  ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු ජනාධිපති කොමිසමේදී හෙළි විය.
 සාක්ෂි විමසීමට කොමිසමට සහාය වීම සඳහා නීතිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සංජීව දිසානායක මහතාගේ මෙන්ම කොමිසමේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන
අභියාචනාධිකරණ විනිසුරු ජනක් සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්‍ෂ සහ බන්දුල අතපත්තු යන මහත්වරුන් මෙන්ම විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. මංගලිකා අධිකාරිය මහත්මියගේ ප්‍රශ්න කිරීම හමුවේ සාක්ෂි දෙමින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් අදාළ කාරණා 13 ජනාධිපති කොමිසමට හෙළි කළේය.
තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් මෙම ප්‍රහාර මාලාව එල්ල කිරීම සඳහා පාස්කු ඉරිදාම තෝරා ගැනීමට හේතු වූ කාරණා වශයෙන් මෙහිදී සඳහන් කෙරුණු කරුණු 04 වූයේ,
01. අල්ලා දෙවියන් විසින් අනුමත කර ඇතික්‍රියාවලට ආදරය කිරීම සහ තහනම් කර ඇති ක්‍රියා ප‍්‍රතික්‍ෂේප කිරීම.
 02. හිටපු අයි.එස්.අයි.එස්. නායකයා බිහි කළ ඉස්ලාම් රාජ්‍යයට ප්‍රහාර එල්ල කර, මුස්ලිම් ජනතාව මරාදැමීම සම්බන්ධයෙන් පළිගැනීම.
03. නවසීලන්තයේ මුස්ලිම් පල්ලියක ආගම අදහමින් සිටි පිරිසක් මරාදැමිම.
04. ඉරානය, සිරියාව වැනි රටවල මුස්ලිම් ජනතාව ඝාතනය කිරීමට
පෙරමුනගත් විරුද්ධවාදීන් ලංකාවේ සංචාරය කිරීම.
තහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් මෙම ප්‍රහාර මාලාව එල්ල කිර්ම සඳහා ශ්‍රී ලංකාවම තෝරා ගැනීමට හේතු වූ කාරණා වශයෙන් සඳහන් කෙරුණු  කරුණු 09 වූයේ,
 01. අල්ලා දෙවියන්ට බැණ වැදීම
හා අවමන් කිරීම.
 02. කුලියාපිටියේදී ඌරෙකුගේ ඡායාරූපයක් මත අල්ලා යනුවෙන්
සඳහන්කිරීම.
03.  පූජ්‍ය ඥානසාර හිමියන් විසින් සිදුකරන ලද ප්‍රකාශයක්.
04.  මොහොමඩ් නබි තුමන්ට බැණ වැදීම.
05.  කුරානය ඉරා දමා විනාශ කිරීම. 06.  මස්ජිද් පල්ලි කඩා දැමීම.
07 . මුස්ලිම් ජනතාවගේ  නිවෙස් ගිනි තබා ආර්ථිකය වැනසීම.
08. ජාත්‍යන්තර කුරුසය ශ්‍රී ලංකාව සහභාගි වීම.
09. අල්ලා දෙවියන් වහන්සේ නියමය  අනුව ඉස්ලාම් ආගම
 පිළිනොගන්නා පුද්ගලයන්   ඝාතනය කිරීම.

බුද්ධිමාල් රුබේරු