ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුල්කිරිගල රාජමහා විහාර කඳු මුදුනේ තැන්පත් කිරීම සඳහා කිලෝ ග‍්‍රෑම් 3,500 ආසන්න බරකින් සහිත අඩි 8 උසින් යුතු ශෛලමය බුදු පිළිම වහන්සේ නමක් ගුවන් මගින් ඊයේ (19) රැගෙන යන ලදි.
මෙම ශෛලමය බුදු පිළිම වහන්සේ වීරකැටිය මන්දාව ක‍්‍රීඩාංගනයේ සිට
ගුවන් සැතපුම් 03 කට ආසන්න දුර ප‍්‍රමාණයක් ගුවනින් රැගෙන ගොස් තැන්පත් කිරීම සිදුකල අතර මේ සඳහා ගුවන් හමුදාවේ අංක 06 පියාසර පක්ෂාංගයට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් භාවිතා කර තිබුණි.
මෙය මෙතෙක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ එම් අයි 17 වර්ගයේ යානයකින් ගුවනින් රැගෙනගිය වැඩිම බර ප‍්‍රමාණයයි.
මෙම කාර්ය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා සෘජු අධීක්ෂණය යටතේ සිදුකල අතර මාතර හම්බන්තොට දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක බෙලිගල්ලේ සරණපාල නා හිමියන් ගේ අනුශාසනය හා උපදෙස් මත සිදුකරන ලදි.
 මෙම මෙහෙයුම සඳහා ප්‍ර‍ධාන ගුවන් නියමු ලෙස අංක 6 පියාසර පක්ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පියුමාල් ප‍්‍රනාන්දු කටයුතු කළ අතර උප නියමු වශයෙන් විංග් කමාන්ඩර් චිරන්තන සිල්වා ද ඇතුළු ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 ක පිරිසක්ද එක්ව තිබුණි.