ද(13) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශ්ව විද්‍යාල නැවත ඇරඹීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානී  මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කරුණු දන්වා සිටියේය.
 සියලුම විශ්ව විද්‍යාලවල අවසන් වසරේ සිසු දරුවන්ගේ විභාග ජුනි 22 සිට ඇරඹෙන බවත් අගෝස්තු 15 වනවිට එම විභාග අවසන් කරන ලෙසත් රජය දන්වා ඇත. සෞඛ්‍ය ගැටලුකාරී කාලපරිච්ඡේදයක් නිසා මෙලෙස සරසවි විවෘත වන්නේ
සාමාන්‍ය අධ්‍යයන කටයුතු සදහා නොවන බව දන්වා සිටි ඔහු උපාධි සම්පූර්ණ කිරීම ප්‍රමාද වීම වළක්වා ගැනීමට අවසන් විභාග සඳහා පමණක් මෙලෙස සරසවි විවෘත කරන බවත් සෙසු වසරවල සිසුන්ට අධ්‍යයන කටයුතු ආරම්භවීම ගැන තවම දින තීරණයක් නැති බවත් දන්වා සිටියේය.

 විභාග ආරම්භය
ඒ ඒ විශ්ව විද්‍යාලවල පහසුකම් සැපයීමේ ක්‍රමවේදය අනුව විවිධ වන නිසා ජුනි 22 සිට අගොස්තු 15 අතර කාලය දන්වා සිටි බව පැහැදිලි කරන ඔහු ඒ අනුව
කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතැම් පීඨ ජුනි 29 විභාග අරඹන බවත් පේරාදෙණියේ ඇතැම් පීඨ ජුනි 28 විභාග අරඹන බවත් ජයවර්ධනපුර ඇතැම් පීඨ අගෝස්තු මාසයේ විභාග ඇරඹන බවත් දන්වා සිටියේය.

අවසන් වසරේ දරුවන් සිටින සංඛ්‍යාව විභාග ප්‍රමාණය නේවාසික ඉඩකඩ ප්‍රමාණය අනුව මෙම දින තීරණය වන බවත් ඒ ඒ සරසවි අදාළ කාලසටහන් ඉදිරි දිනවල දන්වා සිටිනු ඇති බවත් කීය.
වෛද්‍ය පීඨ වල අවසන් වසර විභාග ජුනි 15 සිට ඇරඹෙන බවත් දන්වා සිටියේය.
මෙම විභාග කාලසීමාවේදී සෞඛ්‍ය රෙගුලාසි අනුව සරසවිවල අභ්‍යන්තර කටයුතු සැලසුම් කර ඇති අතර නේවාසිකාගාරවල එක් සිසුවෙකුට එක් කාමරයක් ලබාදීමට සැලසුම් කර ඇත. සරසවියට ආසන්න සිසුන්ට නිවසේ සිට පැමිණීමට දිරිමත් කරන බවද ඔහු දන්වා සිටියේය. මෙම කාලසීමාවේදී විශ්ව විද්‍යාල තුළ බාහිර කටයුතු රැස්වීම් විනෝද කටයුතු සියල්ල තහනම් කර ඇත.

අනෙක් වසරවල සිසුන්ට අධ්‍යයන හෝ විභාග කටයුතු පැවැත්වෙන දින වකවානු ගැන නැවත ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දැනුම් දෙනතුරු ඒ කටයුතු වලට දින නියම නොකරන බව දන්වා සිටියේය.