පසුගිය ජුනි 09 වනදා ඇමති ඩලස් අලහප්පෙරුම දන්වා සිටියේ උසස් පෙළ විභාගය කල් දමා ඇති බවත් නව උසස් පෙළ දින වකවානු වන්නේ සැප්තම්බර් 07- ඔක්තෝබර් 02 කාලය තුළ විභාගය පැවැත්වීම බවයි.
කෙසේ වෙතත් ඒම දින වකවානුද නැවත කල් යනු ඇති බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා
මාතර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් සදහන් කළේය.

අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් යළි ඇරඹීමෙන් අනතුරුව තීරණය කරන බව ඔහු දැන්  පවසයි.
කොරෝනා සමයේ අධ්‍යයන කටයුතු මගහැරීම හේතුවෙන් උසස් පෙළ විභාගය සති කිහිපයකට කල්දමන ලෙසට සිසුදරුවන් විසින් කළ ඉල්ලීමක් නිසා ප්‍රශ්නය සම්බන්ධයෙන් අදාළ සිසු දරුවන්ගේ දෙසින් බලන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමාත්‍යවරයා  උපදෙස් දුන් බවත් ඒ් නිසා නැවත කල්යාම සිදුවිය හැකි බවත් හෙතෙම කීය.