බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි එරට හිටපු අගමැතිවරයෙකු වූ සුප්‍රසිද්ධ වින්ස්ටන්ට් චර්චිල්ගේ ප්‍රතිමාවේ ආරක්ෂක්ෂාව වෙනුවෙන් යොදවා තිබූ යකඩ පුවරු කඩිනමින් ඉවත් කිරීමට එහි බලධාරීන් පසුගියදා පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිදුකිරීමට
නියමිත සංචාරය හේතුවෙන් මෙම ආරක්ෂක පුවරු ඉවත් කර ඇතැයි පැවසෙයි.
ලන්ඩන් නුවර ක්‍රියාත්මක වර්ගවාදයට එරෙහි බ්ලැක් ලයිවිස් මැටර් උද්ඝෝෂණ යටතේ එහි පිහිටි ප්‍රතිමා රැසකින්ම විරෝධතාකරුවන් අතින් හානියට පත්වීමත් සමගින්ම වින්ස්ටන්ට් බවින් ප්‍රතිමාව මෙලෙස යකඩ ආවරණයක් මගින් ආරක්ෂක්ෂා කිර්මට තීරණය කෙරිණි.
 මේ දක්වා ලන්ඩන් නුවර පිහිටි වින්ස්ටන්ට්  චර්චිල්ගේ  ප්‍රතිමාව මෙන්ම නෙල්සන් මැන්ඩෙලා සහ මහත්මා ගාන්ධිගේ ප්‍රතිමා පවා හානියට ලක් කෙරී ඇති අතර,
මෙම ක්‍රියාකාරීන් ඒවායේ වර්ගවාදියා යන වචනයද ලියා ඇත. ඒවා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙලෙස ආවරණ යෙදු අතර, ඉන් චර්චිල්ගේ ප්‍රතිමාව පමණක් මෙලෙස විවෘත කිරීමට තීරණය වී ඇත.