ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර අටමස්ථානය සහ මහනුවර ශ්‍රී‍්‍ර දළඳා මාළිගය ආශි‍්‍රතව ආගමික වතාවත් පැවැත්වෙනවා.


හැට නවලක්ෂයක ජන වරමකින් පසුගිය ජනාධිපතිවරණයේදී බලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට හදන සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඔස්සේ රට මෙහෙයවීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එතුමන් සියලු ශ්‍රී‍්‍ර ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කළේ සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමට එක්වන ලෙසයි.

ජාතියේ පෙර පිනකට පහළවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සුභ උපන්දිනයක් ප‍්‍රාර්ථනා කරන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් ප‍්‍රකාශ කළා.