කල් ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවිම සඳහා අතිරේක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙයි.

අද(11) සිට මැයි 29 වනදා දක්වා එම අතිරේක සහන කාලය ප්‍රකාශයට පත්කර  ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි .

පසුගිය මාර්තු මස 01 වන දින හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා සදහා අතිරේක දඩ මුදල් රහිතව ගෙවිම් සිදුකළ හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කල අතර ඇඳිරි නිතිය අඛන්ඩව ක්‍රියාත්මක වු බස්නාහිර පළාත , පුත්තලම දිස්ත්‍රික්කය හා නිරෝධායන කාර්යය වෙනුවෙන් වසා දමනු ලැබු ප්‍රදේශවල ජනතාවට දඩ පත්‍රිකා ගෙවිමට අවස්ථාව හිමි නොවිම හේතුවෙන් මෙම පියවර ගත් බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව අද සිට දිවයිනේ සියලු තැපැල් කාර්යාල සමාන්‍ය රජකාරි කටයුතු සඳහා විවෘතයි .