ව්වරුන්ගේ දිනය යෙදුණු ඊයේ (10) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිව් නිවුන් දරු උපතක් සිදුවිය.අනුරාධපුරයේ  පදිංචි තිස්හතර හැවිරිදි මවක සිඟිත්තියන් තිදෙනෙකු හා සිඟිත්තෙකු මෙලෙස ප්‍රසූත කළාය.පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා
ප්‍රමුඛ වෛද්‍ය හා හෙද කණ්ඩායමක් අදාළ සිසේරියන් සැත්කම සිදු කර තිබුණි.

දරුවන් ලද යුවළ වූයේ විජිතානි අනුරාධා හා උදාර ජයරත්නයි. ඔවුන් විවාහවී සිව් වසකරට පසු මෙලෙස දරුවන් ලැබුණි. දරුවන්ගේ මව රජයේ බැංකුවක සේවය කරන අතර ඇගේ සැමියා ඇඟළුම් ආයතනයක සේවය කරයි.

අඩු බරකින් යුක්ත වීම නිසා ගැහැණු දරුවන් තිදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයටත් පිරිමි දරුවා පේරාදෙණිය සිරිමා බණ්ඩාරනායක ළමා රෝහලේ නොමේරු ළඳරු ඒකකයටත් ඇතුළත් කර තිබේ.

මවගේ තත්වය සලකා මසක පමණ කාලයක් රෝහලේ නේවාසිකව තබා ගැනීමට වෛද්‍යවරු තීරණය කර තිබේ. කොරෝනා අවදානම පවතින මේ සමයේ දරු උපත දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග අනුව සිදු කළ බවද වාර්තා විය.