කොරෝනා වෛරස් ආසාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අයත් දකුණු ආසියානු කලාපයේ ඊයේ (5) වනදා වන විට සංඛ්‍යාලේඛනමය විස්තරයක් පහත පරිදි වේ.
දත්ත අනුව වඩාත් යහපත්ම රට භූතානයයි. ඊළඟට නේපාලයයි. මේ රටවල් දෙකින් මරණ කිසිවක් වාර්තාවී නැත.මරණ සංඛ්‍යාව අවමය අතින් මරණ සිදුවූ අනෙක් රටවලට වඩා
 ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර මරණ 9 කි. අගය මිලියනයට 0.4 කි. මාලදිවයිනේ මරණ සිදුව ඇත්තේ 2 කි අනුපාත ගණනය අනුව මිලියනයකට 04 ක් ලෙස ඉහළ අගය පෙන්නුම් කරන අතර පකිස්තානය හා ඇෆ්ගනිස්තානය මිලියනයකට මරණ 2 ක් ලෙස දැක්වේ. ඉන්දියාවේ හා බංග්ලාදේශයේ මරණ මිලියනයකට සිදුවන්නේ 1 බැගිනි.
ආසාදිතයින් 3224 ක් වාර්තාවෙද්දී

මරණ 95 ක් ඇෆ්ගනිස්තානයේ වාර්තාවන අතර එය දුර්වල ලක්ෂණයක් ලෙස පෙන්නුම් කරයි.
මෙම කලාපයේ වැඩිම ආසාදිතයින් වාර්තාවී ඇති ඉන්දියාවේ ආසාදිතයින් 50000 කට ආසන්නය. ජනගහණය අනුව කලාපයේ වැඩිම ජනගහණය හිමි රට වන්නේද ඉන්දියාවයි.
පාකිස්තානය ආසාදිතයින් 20000 ඉක්මවා ඇති අතර බංග්ලාදේශය 10000 ඉක්මවා ඇත.
ආසාදිතයින් සුවය ලැබෙන ප්‍රමාණය සැලකීමේදී  ඉදිරියෙන්ම සිටින භූතානය සියයට 71 කි. ඉන්දියාව සියයට 28.62 කි. ශ්‍රී ලංකාව සියයට 27.6 කි. පකිස්තානය සියයට 26.3 කි. නේපාලය සියයට 19 කි. ඇෆ්ගනිස්තානය සියයට 13 කි. බංග්ලාදේශය සියයට 12 කි. මාලදිවයින සියයට 3.4 කි.
ජනගහණයට සාපේක්ෂව කොරෝනා පීසීආර් පරීක්ෂණ වැඩිම ප්‍රමාණය මාලදිවයින  භූතානය හා නේපාලය සිදු කර ඇත. ශ්‍රී ලංකාව සිටින්නේ 4 වැනි තැනයි.  ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය පීසීආර් පරීක්ෂණ  ජනගහණයට සාපේක්ෂව ප්‍රමාණවත් තරමට සිදු කර නැත.
 Table 1

Table 2
සංඛ්‍යාලේඛන මූලාශ්‍රය -worldometers
[May06, 2020 - Gossiplankanews.com]