ජපාන අධිරාජ්‍යයා පිරිනමන ද ඕඩර් ඔෆ් රයිසින් සන් සම්මාන අංශයේ ගෝල්ඩ් ඇන්ඩ් සිල්වා රේස් කාණ්ඩය යටතේ පිරිනැමෙන පදක්කම ලාංකිය ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පිරීස් මහත්මියට හිමි වුණා.



1875 වසරේ ජපානයේ මෙයිජි අධිරාජ්‍යයා ආරම්භ කළ මෙම සම්මාන උළෙළ පවත්වා ඇත්තේ  සේවය ඇගයිම උදෙසායි. කාණ්ඩ 09ක් යටතේ පදක්කම් ප්‍රදානය සිදු කරන අතර එහි පස්වන කාණ්ඩයට අයත් ගෝල්ඩ් ඇන්ඩ් සිල්වා රේස් යටතේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා පිරිස් මහත්මියට මෙම පදක්කම හිමිවුණා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගිතාවය වර්ධනය කරගැනිමට කළ සේවය අගයමින් මෙම පදක්කම පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජපාන තනාපති සුගියමා අකිරා මහතා මේ සම්බන්ධයෙන් සුබපැතුම් ලිපියක් ද යොමු කර තිබෙනවා.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සුබපැතුම් ද එක්කිරිමටයි කටයුතු කර ඇත්තේ.