හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිගෑම් 700ක ප්‍රමාණයක් සන්තකයේ තබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මදුසංක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (25) නියෝග කර තිබෙයි.
පසුගිය 23 වනදා පන්නල හොරවඩුන්න ප්‍රදේශයේදී
ඔහු පන්නල පොලිසියට හසුව තිබුණි.

ඔහු කලෙක පටන් හෙරොයින් භාවිතයට ඇබ්බැහිවී සිටි අයෙකු බවද ඔහු සමග කුඩාපොත්ත ප්‍රදේශයේ වයස 24 මිතුරෙකුද මෙම වැටලීමේදී හසුවූ බවත් පොලිස් ආරංචි කියයි. එම පුද්ගලයා සන්තකයේද හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 810 ක් තිබී ඇත.

කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම දෙදෙනාවම රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට අද  නියෝගය නිකුත් කර තිබේ.

ඉකුත් වසරවල පන්දු යවන්නෙකු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ෂෙහාන් මදුසංක ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ දක්ෂතා සහිත අයෙකි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින්  සහභාගී වූ පළමු තරඟයේදීම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමටද සමත් වූ අයෙකි.

දේවප්‍රියගේ ෂෙහාන් මධුසංක කුමාර නමැති ඔහු 25 හැවිරිදි වියේ පසුවන වෙන්නප්පුව ගම්පළාත කරගත් අයෙකි. විස්සයි 20 තරග 17 කට හා පළමු පෙළ තරග 14 කට ක්‍රීඩා කර ඇත.
ඔහුගේ වාර්තා සටහන පහතින්