සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනා දේශන පැවැත්වූ සංවිධානයක භාරකරුවෙක් කල්පිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද(03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති
බව පොලිසිය දන්වා තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ගෙන්වා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයන් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම සහ අවි පුහුණුව ලබාදීමේ සිද්ධියකට කල්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම සංවිධානයේ භාරකරුට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් දෙදෙනෙකු මෙම ස්ථානයේ අන්තවාදී දේශන පවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේය.
[May03, 2020 - Gossiplankanews.com]