කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ බේරුවල ප්‍රදේශයේ ග්‍රාමසේවක වසම් 7ක්, මරදාන ඉමාමුල් අරූස් මාවත සහ මහනුවර අකුරණ ප්‍රදේශය නැවත විවෘත කිරීමට
තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.


එම ප්‍රදේශ වලින් රෝගීන් පොකුරු බිහිවීම මේ වන විට අකර්මණ්‍ය වී ඇති බව තහවුරු වීම ඊට හේතු වූ බව එම මහතා පවසනවා. සැලකිය යුතු කාලයක් එම ප්‍රදේශ සැලකිල්ලෙන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තව දුරටත් රෝගීන් පොකුරු ඇති වීම සිදු නොවන බව තහවුරු කරගත් බව ඔහු ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත, සුදු වැල්ල ප්‍රදේශය වැනි රෝගීන් පොකුරු වශයෙන් ඇතිවීමේ සක්‍රීය ප්‍රදේශ තවදුරටත් හුදකළා තත්වයක පවතින අතර රෝගීන් පොකුරු වශයෙන් ඇති වීම නැවතුනහොත් එම ප්‍රදේශද නැවත විවෘත වනු ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

එසේ විවෘත කෙරුණු ප්‍රදේශ වලට ද රටේ පවතින පොදු ඇඳිරි නීතිය බලපාන බැවින් ඊට ගරු කළ යුතු බවද එහිදී එම මහතා අවධාරණය කරනු ලැබූවේය.
[May03, 2020- Gossiplankanews.com]