තමන්ගේ ඇප අයැදුම අවලංගු කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙයි.


සිය නීතීඥවරුන් මාර්ගයෙන් අද මෙම පෙත්සම හිටපු මන්ත්‍රිවරයා ගොනුකර ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඊයේ (13) රාත්‍රියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි.
පසුව ඔහුු මීගමුව – පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබිණි.