ලොතරැයි අලෙවි කිරීමට අවසර ලබාදුන් බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.


දිනුම් ඇදීමට නොහැකි වූ ලොතරැයි පත් පහක දිනුම් ඇදීම ලබන සතියේ 18 වැනිදා සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බවද ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා පවසයි.

නව ලොතරැයිපත් ලබන 25 වැනිදායින් පසු වෙළෙඳපොළට නිකුත් කරන බවද ඔහු පැවැසීය.

දිවයින පුරා ලොතරැයිපත් අලෙවිය කොවිඩ් 19 වෛරසය පැතිරයාම හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ නතර කර තිබිණි.