ඊයේ (07 දින) රාත්‍රී 22.30 ට පමණ මීගමුව පොලිස් වසමේ මීගමුව පරණ හලාවත මාර්ගයේ ඇල පාර ප්‍රදේශයේදී සිදුවඋ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්විය.

නිලධාරියා යතුරුපැදියක් ධාවනය කර තිබූ අතර මීගමුව දෙසට ධාවනය වූ යතුරු පැදිය අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයේ ලිස්සාගොස් අසල නිවසක තාප්පයක ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිය පැදවූ මීගමුව පොලිස් රථවාහන අංශයේ නිලධාරියා මීගමුව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මියගිය නිලධාරියා වයස අවුරුදු 33 ක් වු වරාවැව, ගල්ගමුව. ප්‍රදේශයේ පදිංචි දැනට මීගමුව පොලිස්
ස්ථානයට අනුයුක්ත කොට්ඨාශ රථවාහන ඒකකයේ රාජකාරි කල නිලධාරියෙකි. නිළධාරියා රාජකාරි නිමවී විවේකය වාර්තා කිරීමට පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇත. මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
 අනතුර සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.