ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොවිඞ්-19 ආසාධිතයන් 27 දෙනා අතුරින් 25 දෙනෙකු නාවික හමුදා සෙබලුන් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.



අනෙක් 3 දෙනාගෙන් දෙදෙනෙකු නාවික සෙබලුන් සමීපව ආශ්‍රය කල අය වන අතර වයස මාස 13 ක බිළිඳෙකුද ඒ අතර වනවා.

ඩුබායි සිට මෙරටට පැමිණි ලාංකිකයෙකුටද වෛරසය වැළඳී ඇතැයි ඊයේ දිනයේදී තහවුරු කරගත් බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.

මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 391 දක්වා ඉහළ යනවා.

රෝගය වැළඳී ඇති නාවික හමුදා සෙබලුන්ගේ ආශ්‍රිතයන් ගණන 35 ක්. මේ අනුව කොරෝනා වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සහ ආශ්‍රිතයන් ගණන 426 ක් බවට පත්වනවා.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොවිඞ්-19 ආසාධිතයන් 824 දෙනෙකු වාර්තාවන අතර ඉන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මේ වනවිට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඞ්-19 ආසාධිතයන් ගණන 583 ක්.

තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 134 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය කියාසිටියේ.

මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 824 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 232 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.