මෙලනියා ට්‍රම්ප් ගෙන් කොරෝනා ගැන උපදේශන පණිවිඩ
නව කොරෝනා වෛරසය තුළින් දරුණුම ප්‍රතිඵල අත්පත් කරගෙන සිටින්නේ ඇමෙරිකාවයි. ඇමරිකානු ජනපති ට්‍රම්ප් සිදු කරන විවිධ ප්‍රකාශ නිසා පුවත් මැවීම් සිදුවේ. ඒ අතර වෙනදාමෙන් මෙලනියා සිටියේ නැත. සමහරු විමසන්නේ මෙලනියාට කුමක් සිදුවුනාද යන්නයි.
මෙලනියා ට්‍රම්ප් මුහුණු ආවරණයක් පැළඳ සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ පළ කර ඇත. සෑම කෙනෙකුම නාසය සහ මුඛය ආවරණය කර ගත යුතු බව රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නිර්දේශ කිරීමත් සමඟ එයට සහය දක්වමින් ජනතාව ඒ සඳහා යොමු කිරීම ජනපති ආර්යාවගේ අපේක්ෂාව වී ඇත.නමුත් ට්‍රම්ප් දිගින් දිගටම පවසා ඇත්තේ ඔහු මුහුණ ආවරණ නොපළදින බවයි.
මීට අමතරව මෙලනියා ට්‍රම්ප් සීඩීසී මාර්ගෝපදේශ වලට අනුකූලව නිතර නිතර අත් සේදීම පිළිබඳවද සමාජ දුරස්ථභාවය තබා ගැනීම ගැනද ජනතාව දැනුවත් කරන වීඩියෝ වලට පෙනී සිට ඇත.
ඇය වෛද්‍ය වෘත්තිකයින්ට විශේෂ ස්තුතියක්ද තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළකර තිබුණි. අන්‍යයන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙසත්, මිතුරන් හා පවුලේ අය සමඟ සම්බන්ධතා පැවැත්වීම සඳහා විකල්පයක් ලෙස ඊමේල් වැනි මාධ්‍ය ජාලා භාවිතා කරන ලෙසත් යෝජනා කර තිබුණි. පාසැල් වසා දමා ඇති නිසා නිවසේදී අන්තර්ජාලය හරහා ඉගෙන ගන්නා මිලියන සංඛ්‍යාත සිසුන් හට දෙමාපියන් හැකි උපරිමයෙන් සහාය ලබාදිය යුතු බවත් මෙය සදාකාලිකව නොපවතින බව දරුවන්ට දන්වන ලෙසත් ඇය දෙමාපියන්ගෙන් ඉල්ලා තිබේ.
බොහෝ විද්වතුන් පවසන්නේ ජනාධිපති ආර්යාව තමන්ට කළ හැකි සෑම දෙයක්ම අසරණ ජනතාව වෙනුවෙන් සිදු කිරීමට සැදී පැහැදී සිටින බවයි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 :(2008-2026)
✉️ editor@gossiplankanews.com