මැයි මස වැටුප සම්පූර්ණයෙන් හෝ එහි කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා රජයේ සේවකයන්ගෙන් ඉල්ලා තිබීම මේ දිනවල විවිධ කතාබස් ඇති කර තිබේ. ඇතැමුන් ඒය හඳුන්වා තිබුනේ 'ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇනීමක්' ලෙසිනි.
තවත් අය ඔහුට එවන් 'පුද්ගලික යෝජනාවක්'
නිල ශිර්ෂ පාඨ යොදාගෙන ඉල්ලා සිටිය නොහැකි බව ප්‍රකාශ කර තිබේ.
මෙ අතරවාරයේ ඔහු කර ඇති ඉල්ලීම ඔහු සද්භාවයෙන් පෞද්ගලිකව කළ එකක් මිස නියෝගයක් හෝ බල කිරීමක් නොවන බව  ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රාජ්‍ය සේවයේ කැමැති කෙනෙකුට මෙම අරමුදලට වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කළ හැකි බව කියන ඇමැතිවරයා මෙසේ ද කියයි.


"අපේ මාතෲභූමියට ඇතිවෙලා තිබෙන දැවැන්තම මූල්‍ය අර්බුදය පිළිබඳ ඉතාම ප්‍රායෝගිකව ගැඹුරු අවබෝධයක් තියෙන එතුමා මේ තියෙන තීරණාත්මක පැයේදි යම්කිසි රාජ්‍ය සේවකයෙකුට ශක්තියක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ස්වකැමැත්තෙන් පරිත්‍යාගයක් රජයට කරනවා නම් එය කරන ලෙසත් ඔහු එය අගයන බවත් සඳහන් කරමින් තමයි එම ලිපිය යවා තිබෙන බව රාජ්‍ය අංශයේ සේවකයින් කිහිප දෙනෙක් මා සමඟ පැවසුවේ. ඒ අනුව මං හිතනවා ඒ ඒ අයගේ ශක්ති ප්‍රමාණය අනුව උදව් කරයි කියලා - අපි බෞද්ධ සංස්කෘතිය අනුව හැදුණු ජාතියක්.
බොහෝ වෙලාවට දැනටමත් බොහෝ රාජ්‍ය ආයතනවල දිනක වැටුප පරිත්‍යාග කරලා තියෙනවා කොවිඩ් 19 වසංගතය සඳහා වැය කිරීම සඳහා වන විශේෂ අරමුදලකට. රාජ්‍ය සේවකයින්ගෙන් මේ බැරෑරුම් අවස්ථාවේදී රට වෙනුවෙන් තමන්ට යම්කිසි පරිත්‍යාගයක් කළ හැකි නම් එය ඔහු ඉතාම ඉහළින් අගය කරන බව තමයි ඔහු ඒ සඳහන් කරලා තියෙන බව තමයි පැවසෙන්නේ"

මෙම ප්‍රකාශයට පදනම් වූ ජයසුන්දර මහතා යොමු කළ ලිපිය පහතින්