මාස 13ක් වසසැති බිළිඳකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ යුවලකගේ බිළිඳු දරුවකු මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඊයේ (06) දිනයේ සිදු කළ පරික්ෂාවකදී එම යුවළගේ වැඩිමහල් දරුවාටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කෙරුණා.

අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකු ළගින් ඇසුරු කළ පුද්ගලයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා.