යේ(17)  දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර ලන්ඩනයේ සිට ඉකුත් දා මෙරටට පැමිණ දැනට හෝටලයක නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් දෙදනෙක් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.
මෙම දෙන්නාට කොරෝනා ආසාදනය වී ඇත්තේ දැනට
වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන එංගලන්තයේදී

වන අතර ඔවුන් කොරෝනා වෛරසය එරට සිට මෙරටට රැගෙන ආ බවක් ඒ අනුව හඳුනාගන්නට ලැබේ. මෙහි අන්තරායකාරී තත්වය වන්නේ ලංකාවට ඔවුන් පැමිණි ගමනේදී පැමිණි ගුවන් යානයේ තවත් අයට එය පැතිරී ගියේද යන සැකයයි.

මින් සතියකට පෙර ලන්ඩනයේ සිට පැමිණි පළමු යානයේද තරුණියකට කොරෝනා වැළඳී ඇති බවට සැකයක් පැනනැගී පීසී ආර් පරීක්ෂණ සිදු කළත් ඇයට කොරෝනා වැළඳී නැති බව පසුව තහවුරු විය. අනතුරුව දින දෙකකට පමණ පසුව ලන්ඩනයේ සිට පැමිණි ඊළඟ ගුවන් යානයේ සිටි මෙම දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ 17 වාර්තා විය.

මෙම දෙන්නා කළුතර වස්කඩුව සිට්‍රස් හෝටලයේ නැවතී සිටියදී මෙම පරීක්ෂණය ධනාත්මකවූ බවට සොයාගන්නා ලද අතර අනතුරුව රෝහල් ගත කර තිබේ.
මෙලෙස ආසාදනයට ලක්වූ දෙන්නාගෙන් එක් අයෙකු 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර අනෙක් තැනැත්තිය 73 හැවිරිදි කාන්තාවකි. පසුගිය 16 වනදා කරාපිටිය රෝහලේදී සිදු කළ පීසී ආර් පරීක්ෂණ අනුව මෙම දෙන්නාට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගැනිණි.

මෙම දෙන්නා ඇසුරු කළ හා ගුවන් යානයේ ආසන්නයේ ගමන් කළ අය ගැන සුපරීක්ෂාකාරී වීමට ආරක්ෂක අංශ මේ වනවිට කටයුතු කරමින් සිටී.