ඇලහැර,කිරිඔය ප‍්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස අත්හැර දමා තිබූ මැණික් පතලකට ඇද වැටීමෙන් එකම පවුලේ කුඩා දැරියන් දෙදෙනෙකු ඊයේ (17) සවස මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි.
පසුගිය දිනවල පැවැති වර්ෂාව නිසා ජලයෙන් පිරී තිබූ බව කියන  එම පතල් වළට වැටී සිටි දැරියන් දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගතකර ඇතැත් ඒ වනවටත් මියගොස් සිටි බවද පොලීසිය සඳහන් කලේය.

අවුරුදු 05 සහ 07 යන වයස්වල පසුවන මේ දැරියන් දෙදෙනා අක්කා සහ නංගී බවද ඔවුන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී  දිය පිරුණු වළට ඇද වැටෙන්නට ඇතැයි සැක කරන බවද විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු කියති.

මියගිය දරු දෙදෙනාගේ මරණ සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණ සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ අද(18) බකමූණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.

බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.


(ක.ග.කරුණාරත්න)