කොරෝනා පාලනය නිසි පරිදි නොකිරීම ඇතුළු විවිධ චෝදනා එල්ල වීම නිසා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වරයා එම තනතුරෙන් ඉවත් කර ඇතැයි වාර්තාවේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි
ජයවර්ධනගේ නියෝගයකට අනුව ධුරයෙන් ඉවත් කර ඇති අතර ඔහුව සෞඛ්‍ය අමාත්‍යාංශයට කැදවා ඇත. චෝදනා සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතය.


කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය සරත් වීර බණ්ඩාරට චෝදනා රැසක් එල්ල වූයේ කොරෝනා මර්දනයට මූලික පියවර නොගත් බවටත් රෝග මර්දනයට අවශ්‍ය උපකරණ සපයා නොගත් බවටත් කොරෝනා රෝගීන් සදහා වාට්ටු සකස් කිරීමේදි නොසැලකිලිමත් ලෙස එය සිදුකළ බවටත්  විශේෂඥ උපදෙස් ලබානොගත් බවටත් චෝදනා කරමිනි.
රෝහලේ පවතින තත්ත්වය සලකා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය ඉකුත්දා රෝහල් අධ්‍යක්‍ෂවරයාට එරෙහිව විරෝධතාවක් සිදුකිරීමෙන් පසු තනතුර අවලංගු කිරීම සිදුවිය.