ජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ මුහුණට සමාන මුහුණක් ඇති අයෙකු තවත් පිරිමි පුද්ගලයෙකු සමග හැසිරෙන‍ 'සමරිසි' වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයවීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් CCD පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අතර එම වීඩියෝව ෂෙයාර් කළ බව කියන ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු එය නිර්මාණය කිරීමට දායකවූවාද යන්න ගැන එම පරීක්ෂණ වලදී සොයා බලමින් තිබේ.
මේ ගැන සොයන්නට කොළඹ අපරාධ කොට්ඨාශයේ  නිලධාරීන් පිරිසක් ගායක ඉරාජ් වීරරත්නගේ නිවසට ද
ගොස් ඇති බවද වාර්තා විය. ඉරාජ්ගේ නැගණිය රිෂිනි වීරරත්න වෙත මෙම වීඩියෝව හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග එවා තිබුණ බවත් අනතුරුව මල්ෂා කුමාරතුංග ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිසිය ඇය නැවතී සිටි කොළඹ ෂැංග්‍රිලා හෝටලයට අනුබද්ධ අපාර්ට්මන්ට් එක වෙත ගොස් විමසීමක් කර තිබූ බවත් වාර්තා විය.


පසුගිය මැයි මස 14 බ්‍රස්පතින්දා මල්ෂා කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවා තිබූ අතර මේ ගැන කට උත්තරයක් ද ලබාදී තිබිණ. මල්ෂා කුමාරතුංගට මෙම වීඩියෝව ඒවා ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වන හරින් ප්‍රනාන්දු බව ඇය පවසා ඇත. එය ඔප්පු කිරීමට උත්සාහ කළත් අපහසුවූ පසුව ඇය පවසා ඇත්තේ
තමාගේ දුරකතනයේ දත්ත මැකී ඇතිබවයි. එලෙස දන්වා සිටි නිසා මල්ෂා කුමාරතුංග  18 පස්වරුවේ නැවතත් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ගොස් වැඩිදුර සොයා බලන්නට සිය දුරකථනය පොලිසියට බාරදී ඇත.

ආන්දෝලනාත්මක 'සමරිසි' වීඩියෝවේ සිටින්නේ තමා නොවන බව කාවින්ද ජයවර්ධන පවසා සිටින අතර කිසිවෙකු වීඩියෝ උපායක් යොදා තමන් හා සමාන රුවක් එයට ඈඳා මඩ ගැසීමක් කරන්නට වෑයම් කරන බව පොලිසියට පවසා ඇත.
කොළඹ අපරාධ කොට්ඨාශය (CCD)  විසින් සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ, මෙම වීඩියෝව මිට ඉහතදී 2018 වසරේ ජුලි, අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී  ඉන්දියාවේදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු වෙනත් කිසිවෙකුගේ වීඩියෝවක් බවකි.

පොලිසිය මේ ගැන හරින් ප්‍රනාන්දුගෙන්ද විමසීම් කර තිබෙන අතර ඔහුට එම වීඩියෝව ඒවා ඇත්තේ,තරුණ ව්‍යාපාරිකයෙකු බව දන්වා ඇත. එම ව්‍යාපාරිකයාට වීඩියෝව යොමුකර ඇත්තේ තවත් තරුණයෙකි. මේ ආකාරයට සිද්ධියේ අලගිය මුල්ගිය තැන් සොයන්නට පොලිසිය මේ වනවිට උත්සාහ දරමින් තිබෙන නමුත් නිර්මාණකරු තවම හසුවී නැත.