ද (19) දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ දින උත්සවයේ පෙරහුරු සඳහා සහභාගී වූ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු පෙරේදා දිනයේදී
කොරෝනා වෛරස් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන තිබිණි.


වැලිසර නාවික හමුදා කඳවුරේ සියල්ලන්ම නිරෝධායනයට ලක් කර ඇත්නම් ඔවුන් මෙසේ පෙරහුරු සඳහා පැමිණෙන්නේ කෙසේද යනුවෙන් අද පෙරවරුවේ රූපවාහිනී වැඩ සටහනයකදී යොමු වූ ප්‍රශ්නයකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පිළිතුරු දුන්නේ පහත ආකාරයෙනි.

"මම අර කලින් කිව්වා වගේ මේක වෙස්ටර්න් නේවල් බේස් කියලා හඳුන්වන්න පුළුවන්, කඳවුරු කීපයකින් සැදුම්ලත් ප්‍රදේශයක්. ඒවගේම මෙහිදී සිටිනවා මේ කෑම්ප් ඇතුළෙ දිගටම ඉඳපු අය, 25 වෙනිදාට පෙර ගෙදර ගොස් පැමිණි අය, ඊට පස්සෙ 25ට පසුව ගෙදර ගොස් පැමිණි අය, එතකොට සේවා සඳහා ඉන්න අය, ඒවගේම මේක කඳවුරු කීපයක් සම්බන්ධයි.

ඉතිං නාවික හමුදාව විසින් විශ්වාසයෙන් යුතුව තෝරාගන්නට ඇති මේ අයට මේ තත්වය නෑ කියලා. නමුත් සොයාබැලීමේදී ඒ අය කිහිප දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හමුවුණා. ඔවුන්ව හඳුනා ගත්තා, ඒ අනුව ඔවුන් ඔය පැරේඩ් එක සඳහා සහභාගී වන්නට යෙදුණේ නෑ"