හොරණ අරමගාගොල්ල කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක් තුළදී බහින් බස් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව කුළු ගෙඩියකින් පහර දීමකින් වැඩපරික්ෂකයකු සහ කම්කරුවකු මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකෙරුණ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තවත් විස්තර අනාවරණයවී තිබේ.
හොරණ පිහිටි ලී කුඩු කුට්ටි කර අපනයනය කිරිමේ කර්මාන්ත ශාලාවේ සේවය සඳහා මීට වසරකට පමණ ඉහතදී සැකකාර පුද්ගලයා පැමිණ තිබූ අතර ඇඳිරි නීතිය හේතුවෙන්
ගමට යාමට නොහැකිව ඔහු ඇතුළු කිහිපදෙනකු එම කර්මාන්ත ශාලාවේම මට මන්නාසිකාගාරයක නවාතැන් ගෙන සිට ඇතැයි පොලිසිය කියයි. ඉකුත් සිකුරාදා (15) එම සේවකයන් වෙත වැටුප් ගෙවා තිබූ අතර දින පහක වැටුප පමණක් ඔහුට ලැබීම හේතුවෙන් ඔහු සිය අමනාපය ආයතනයේ හිමිකරුට දොස් පවරමින් එදින ගතකර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සවස් භාගය ළගාවෙද්දී හොරණ නගරයට ගොස් මත්පැන් බෝතල් භාගයක් රැගෙන තිබූ සැකකරු තනිවම එය පානය කර තිබී ඇත.
රෑ බෝවත්ම පදමට වෙරි වී තිබූ සැකකරු මියගිය වැඩ පරික්ෂකවරයා හා තමනට ලබා දුන් වැටුප ප්‍රමාණවත් නොවන බව පවසා බහින් බස් වී ආයතන හිමිකරුට බැන වදිමින් සිටියදී මියගිය වැඩ පරිකවරයා තවත් සේවකයන් දෙදෙනකු එයට එකඟ නොවී ඊට එරෙහිව කතාවකට එලැඹ තිබෙන අතර සැකකරුට බැන වැදී ඇතැයි පොලිසිය කියයි.
රාත්‍රි 9.30ත් 10ත් අතර කාලය වන විට සැකකරු නේවාසිකාගාරයේ ඇඳට පැමිණි හිඳගෙන සිටියදී මියගිය වැඩ පරික්ෂකවරයා මියගිය කම්කරු සේවකයා හා බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටින සේවකයා යන තිදෙනාම සැකකරු සිටි කාමරය වෙත පැමිණීමත් සමග ඒ අසල තිබූ කුළු
ගෙඩියක් අතට ගෙන තිබූ සැකකරු එමගින් විදුලි ස්විචයට පළමුව ප්‍රහාරයක් එල්ල කර විදුලිය විසන්ධිවීමත් සමග එම කුළු
ගෙඩියෙන්ම ඔහු වෙත පැමිණෙන තිදෙනාටම දෑත බදා හිසට පහරදී ඇතැයි පොලිසිය කියයි. අනතුරුව එම ස්ථානයෙන් පිටතට ආ සැකකරු කර්මාන්ත ශාලාවේ ඉදිරිපස ගේට්ටුවෙන් පිටවීමට යාම
සඳහා පැමිණීමේදී මුරකරු එයට බාධා කිරිමත් සමග ඔහුටද එහි තිබූ යකඩ ඉනෙන් පහරදීමට උත්සාහ දැරිමේදී මුරකරු දිවයාමත් සමග ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට ආ සැකකරු මාර්ගය දිගේ පලාගොස් අනතුරුව  32 හැවිරිදි මෙම සැකකරු හොරණ පොලිසියට බාර වී තිබේ.
කුළු ගෙඩි ප්‍රහාරය වැදීමෙන් වැඩ පරික්ෂකවරයා හා කම්කරු සේවකයා එම නේවාසිකාගාරයේ ඇඳත් අතර ලේ විලක් මැද මැරී වැටී තිබූ අතර
එම නේවාසිකාගාරයේ සිටින සෙසු ස්වකයන් බරපතළ තුවාල ලබා සිටි අනෙක් සේවකයා හොරණ මූලික රෝහල කරා රැගෙන ගොස් ඇත. පහරදීමට උපයෝගී කරගත් මිටියේ ලී කොටස දෙකට කැඩී තිබූ බව පොලිසිය කියයි.
හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බරපතළ තුවාල ලද එම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඔහු මේ වනවිට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ වැඩ පරිකවරයකු ලෙස සේවය කරන
හෙටිටිපොළි පදිංචිව සිටි ජගත් ගුණවර්ධන (53) සහ කම්කරුවකු ලෙස සේය කරන හටිපොළ පදිංචිව සිටි ජනක කුමාර (33) යන දෙදෙනායි. බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ බඩල්ගම පදිංචි සාලිය පුෂ්පකුමාර (20) නැමැත්තෙකි.

අපරාධය වූ ස්ථානයට හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් චාමිනි විජයබණ්ඩාර මහත්මිය පැමිණ මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා එහි වාර්තාව සකසා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය. පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරික්ෂණාගාරයේ නිලධාරින් හා ඇගිලි සටහන් නිලධාරිහුද පරික්ෂණ පැවැත්වූහ.
32 හැවිරිදි තඹුත්තේග්ගම පදිංචි සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)