දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනන්දු මහතා සඳහන් කළේ, මගීන් 11,500 ක පමණ පිරිසක් දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි.
මුහුදු බඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 ක් යෙදවීමට නියමිතය.
පුත්තලම සහ උතුරු මාර්ගවල ධාවනය සඳහා දුම්රිය බැගින් යොදවන බව ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
පසුගිය සතියේ දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කර තිබුණේ 2600 ක් පමණි.
ඒ හේතුවෙන් දුම්රිය 10 ක් පමණක් ධාවනය එක් කර තිබුණි.
සාමාන්‍ය දිනකදී දුම්රියේ ගමන් කරන මගීන් සංඛ්‍යාව හැත්තෑ දහස ඉක්මවන බව දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ අතර ගාල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹට පැමිණීමට විශාල පිරිසක් පැමිණ සිටි බව අප වාර්තාකරු ප්‍රකාශ කළේය.