රටේ ජනතාව නැවතත් තුන් බියකට ගොදුරු වී තිබෙන බවත් එම තුන් බිය දුරු කිරීමට. නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.

අද (11දා) දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. කොරෝනා  සිද්ධියෙන් පසුව රට විවෘත කිරීමේ රජය ගත් තීරණය පිළිබඳව මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.




රට විවෘත කළද එය සිදු කළ යුත්තේ මීට වඩා වෙනස් ක්‍රමයකට බවත් දිස්ත්‍රික්කයක පවතින සෞඛ්‍යම තත්ත්වයන් අත්හදා බැලීමකින් පසුව රට විවෘත කළේ නම් එය ප්‍රමාණවත් බව හෙතෙම පැවසීය.

රට විවෘත කිරීමේ වගකීම ගැනීමට කිසිවෙකුත් නැති බවද ගමනාගමනය සඳහා පහසුකම් නැති බවත් හැඳුනුම්පත් අංක පරික්ෂා කිරීමේ ක්‍රමවේදය ද ප්‍රමාණවත් නොවන්නේ යැයි හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.

රටේ ජනතාවට වර්තමානයේ සිද්ධීන් සමග අලුත් තුන් බියක් ඇතිවී තිබෙන බවද පැවසීය .එනම් පළමුව බිය  කොරෝනා  බවත් යුද හමුදාව සෞඛ්‍ය නිලධාරින් පොලිසිය  රූපවාහිනී නාලිකා වලට පැමිණ ජනතාව බිය වද්දන බව ද රූපවාහිනියේ කියන ආකාරයට ජනතාවට අත සේදීම සිදු කළහොත් අතේ රේඛා පවා අහිමි වෙන බවද පැවසීය.

ජනතාවට ඇතිව ඇති දෙවන බිය බවට පත්ව ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වාහන සහ සියලු පහසුකම් ලබාදීමට රජය මුදල් වියදම් කිරීමට ගෙන ඇති තීරණය  බිය  බවද ,තුන්වන බිය බවට පත්ව ඇත්තේ ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමේ අසීමිත බලයක් ගැන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන ප්‍රකාශ බව හෙතෙම සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා  මහින්ද රාජපක්ෂ රජයන්  පවතිද්දී ප්‍රකාශ නිකුත් කොට එම රජය ද අපහසුතාවට පත් කොට මෙවර මේ රජය අපහසුතාවට පත් කරන බව අවධාරණය කළේය.

අපේ රට විවෘත කිරීමේදී අනාරක්ෂිත භාවය පිළිබඳව වගකීම භාර ගන්නේ කවුරුන්ද යන්න මෙතෙක් හෙළි කර නැති බවද හෙතෙම කියා සිටියේය .හමුදාපතිතුමා ඇතුළු වූ සෞඛ්‍ය අංශ තවමත් ප්‍රකාශ කරන්නේ රට අනාරක්ෂිත භාවයකින් තිබෙන බවද කීවේය.

කල් ඇතිවම මිනිපෙට්ටි 1000 ක් ඇණවුම් කර තිබෙන බවත් එවැනි කල් ඇතිවම මිනිපෙට්ටි ඇනවුම් කොට රට විවෘත කළ බවද චෝදනා කළේය .එහිදී සිදුවන්නේ මාස දෙකක පමණ කාලයක් දුක් විඳ සියල්ල වතුරේ යන බව කිවේය .

රට විවෘත කළ විට රාජ්‍ය නිලධාරීන්ට යම් කිසි විනයක් පැවැතිය ද පෞද්ගලික අංශවල පාලනය සිදු කරන්නේ කවුරුන්දැයි තමන් විමසා සිටින බවද පැවසීය සහ විදුලි බිල නිවසට ලැබෙමින් පවතින බවත් එහෙත් ඒවා මාස දෙකක එකවැර ගෙවීමට සහමිල සූත්‍රය අනුව විශාල මුදලක් අය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවද හැරිසන් මහතා අවධාරණය කළේය.