මීට කලකට ඉහත ජනපතිවරණ සමයේ සුවිශේෂ මාතෘකාවක් වුයේ ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වුණාද නැද්ද යන්නය. ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත්වූ අය ප්‍රකාශයට පත් කරන නිවේදන කිහිපයකම ඒ දිනවල ගෝඨාභය රාජපක්ෂ නාමය ඇතුළත් නොවීම
එයට හේතුවිය.

ඇමරිකානු බදු ගෙවන්නන්ගේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය අද (8) නිල වශයෙන් නිකුත් කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද එහි ඇතුළත් වී තිබිණි.

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එලෙස ඇතුළත් වී ම අනුව ඔහු ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වීම තහවුරු කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ආදායම් බදු පිළිබඳ ආයතනය කාර්තුවකට වරක් එම ලේඛණය නිකුත් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ඇත්තේ 2019 වසරේ අප්‍රේල් මාසයේ දී යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා තිබුණි.
 ලැයිස්තුව පහතින්