ඩු විකිණීමට නිවෙස්වලට පැමිණෙන පිරිස් ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රම අනුගමනය නොකර කුඩා දරුවන් වඩාගෙන සිප වැළඳ ගැනීමට උත්සාහ දැරීමේ සිදුවීමක් නිසා කුරුණෑගල පතිරැන්නේගම ප්‍රදේශවාසීන්ගේ විරෝධයක් මතුව තිබේ.
ජංගම වෙළදාමේ භාණ්ඩ අලෙවි කිරිමට ගෙයින් ගෙට ගොස් එම කටයුත්ත පසෙක තබා
නිවෙස් වල ඔවුන් සමීපයට පැමිණෙන කුඩා දරුවන් වඩාගෙන සිප වැළඳ ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ දැරීම ටික කලෙක සිට ගැටලුකාරීවී පැවති අතර පතිරැන්නේගමදී මෙවැනි සිදුවීමක් වාර්තාවීමෙන් අනතුරුව ඊට එරෙහි වූ ප්‍රදේශවාසීහු ඉකුත් 14 වැනිදා පස්වරුවේ මෙවැනි වෙළඳුන් 4 දෙනකු අල්ලා පොල්පිතිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බාරදුන්හ.
අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරනා තෙක් ඇපමත මුදු හැරිමට පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරිහු පියවර ගත්ත.


 කුරුණෑගල නගර සීමාවක පදිංචිකරුවන් වන මොවුන් ඇලුමිනියම් භාණ්ඩ, විදුලි උපාංග හා විසිතුරු භාණ්ඩ රැගෙන ලොරි රථයකින් ජංගම වෙළෙඳාමේ යෙදෙමින් මොරගොල්ලාගම, පතිරැන්නේගම ප්‍රදේශයට පැමිණ ඒවා ගෙවීමේ පදනමට ලබාදෙන බවට නිවැසියන් දැනුවත් කර ඇත්තේ කිසිදු මුඛ ආවරණයක් නොමැතිවය. ඔවුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට එරෙහිව කුඩා දරුවන් පවා වඩාගෙන සුරතල් කිරීමට යෑමේදී උරණ වූ ප්‍රදේශවාසීන් ඔවුන් රඳවාගෙන ඒ බව පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දීමට පියවර ගෙන තිබුණි.
පොල්පිතිගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජී.ජී.එන්.ඩී. ගමගේ මහතාගේ උපදෙස් මත වහා ක්‍රියාත්මක වූ අරුණ බණ්ඩාරනායක, අසාන් වීරසිංහ, නාලක චන්ද්‍රසේකර, සුරේන් ඒකනායක යන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එතැනට ගොස් සිද්ධිය විමසා බැලීමේදී කරුණු සත්‍ය වූ බව දැන ඔවුන් තම කාර්යාලයට රැගෙන ආ බවත්, නිරෝධායන නීති උල්ලංඝණය කරමින් අනාරක්ෂිත වෙළෙදාමේ නියැලීමට එරෙහිව ඔවුන් ඉදිරියේදී මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඔවුන් හතර දෙනකු හා ලොරි රථය ඇප මත මුදාහැරිය බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක විජේසුරිය බණ්ඩාර මහතා පැවසීය.

(මොරගල්ලේගම සිසිර කැලේගම)