ශ්‍රී ලංකාවේ ඊළඟ මහමැතිවරණය ප්‍රකාශයට පත් කර ආසන්න කාලයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා  පරිප්පු සහ ටින් කළ මාළු සඳහා මිල අඩු කළ අතර
ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දෙකක් වූ
ඒවාට අධික ඉල්ලුමක් ඇති විය. කෙසේ වෙතත් තොග අවසන්වීම, තොග සැගවීම ආදී හේතු නිසා මෙම ද්‍රව්‍ය වෙළෙද පොල තුළ හිඟතාවයකටද ලක්විය. මේ හේතුවෙන් සතොසින් පමණක් මේවා ලබාගන්නට දිගු පෝලිම් දක්නට ලැබුණ අතර පසුගිය අප්‍රේල් 10 වනදා තමන්ට පාඩු නොවන්නට මිල වැඩි කර විකුණන බවට කීල්ස් සුපර් සුපර්මාකට් ජාලය නිවේදනයක්ද නිකුත් කර තිබුණි.
මාස 2 කට පමණ පසු රජය මෙම ද්‍රව්‍ය දෙක සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ.
මීට අදාළ ගැසට් නිවේදනය මෙි වන විට නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වෙයි.