කොරෝනා වසංගතයෙන් ක්‍රමයෙන් ඉවතට යන ශ්‍රී ලංකාව තුළ මේ වනවිට දිස්ත්‍රික්ක 23 කට විටින් විට පනවන ඇඳිරි නීතිය හා කොළඹ - ගම්පහට දිගටම පනවන ඇඳිරි නීති තත්වයන්හි වෙනස්කම් ඉදිරි දිනවල සිදුවන්නට නියමිතය. ඒ අනුව හෙට සිකුරාදා ප්‍රසිද්ධ කරන්නට නියමිත සති අන්තයේ ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනයේදී කොළඹ ගම්පහට හැර සෙසු ප්‍රදේශ වලට නොපනවන්නට ඉඩ ඇතැයිද වාර්තාවේ.
මෙම ලිහිල්වීම අදාළ ප්‍රදේශවල වාර්තාවන කොරෝනා ආසාදිතයින්
ගණන අනුව තීරණය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත. අවදානම් බව අඩු බවට හඳුනාගැනෙන්නේ රෝගීන් වාර්තාවී ඔවුන්ට සුවය ලබා නිරෝධායනයද අවසන්වීම ගණනය වන දින ගණන මතය.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ අලුත්ම වාර්තාව අනුව අවදානම් ලෙස ප්‍රදේශ හඳුනාගෙන තිබෙන්නේ පහත පරිදිය.


කොළඹ දිස්ත්‍රික්කය සැලකීමේදී අවදානම් කළාප හැටියට දක්වන්නේ,
කොළඹ මහනගර සීමාව, කොලොන්නාව, කඩුවෙල,හෝමාගම ,නුගේගොඩ, හංවැල්ල-අවිස්සාවේල්ල,රංගල නාවික කඳවුර හා නාවික හමුදා මූලස්ථානයයි.
ගම්පහ අවදානම් කලාප වන්නේ වත්තල,රාගම,මිනුවන්ගොඩ හා වැලිසර නාවික හමුදා කඳවුරයි.
කළුතරින් අවදානම් හොරණයි. පුත්තලමේ අවදානම් කලාපය කළුවරගස්වැවයි.
කුරුණෑගල අවදානම් කලාපය පොල්ගහවෙල,ගල්ගමුව,නිකවැරටිය හා අඹන්පොළයි. මහනුවරට අයත් නාවලපිටිය,තලාතුඔය, ගලහ හා හසලක අවදානම් ලෙස දක්වා ඇත. මාතලේ යටවත්තත්, නුවර එළියේ හඟුරන්කෙත හා වලපනේත් අවදානම් කලාප ලෙස දක්වා ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල නගරය හා රුවන් වැල්ල අවදානම් කොටසට අයත්ය. අම්පාර දිස්ත්‍රික්කයේ දඹන හා උහන අවදානම් කලාපයි. ත්‍රීකුණාමලයේ කන්තලේ හා නච්චිකුඩා නාවික කඳවුර අවදානම් ලෙස දක්වා ඇත. අනුරාධපුරයේ තලාවත්, පොළොන්නරුවේ තමන්කඩුවත්, මොණරාගල සෙවණගලත්, ගාල්ලේ බෝපෙ පෝද්දලත් අවදානම් කලාප වෙයි.

ගතවූ දින ගණන සලකා කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමුවී තිබීම හා එවන් අයව කොටසක් නිරෝධායනය අවසන්වීම මත මෙම අවදානම් බව දන්වා තිබේ.

[May14, 2020 - Gossiplankanews.com]