කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට නැවත එම රෝගය වැළඳීමේ තත්වයක් පවතින බව විදෙස් රටවලින් ආරංචි පැවතියද ලංකාවේ මේදක්වා එවැන්නක් ගැන වාර්තා නොතිබුණි. නමුත්

ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා තහවුරු කර තිබේ. ඒ අනුව එවැනි ආකාරයේ දෙවැනි ආසාදනයක් වාර්තා කළ පළමු රෝගියා ඔහුය.
ඉකුත් මාර්තු මස 17 වන දින කොරෝනා රෝගය වැළදීම නිසා මෙම පුද්ගලයා අංගොඩ IDH රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී කොරෝනා රෝගය සුවපත් වූ බවට වෛද්‍ය වාර්තා සනාථවීම නිසා අප්‍රේල් මස 17 වන දින නැවත නිවසට යවා ඇත.

ඉන් අනතුරුව නිවසේ දී නිරෝධනය වෙමින් සිට ඇති හදවත් රෝගියකු වු මොහුට පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ.
එහිදී එම රෝගියාට නැවතPCR පරීක්ෂණය සිදු කර ඇත.
එහිදී (02)දා අනාවරණය වී ඇත්තේ මොහුට නැවත කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බවයි. අනතුරුව මොහුව වැඩිදුර ප්‍රතිකාර සදහා නැවතත් අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇත.

ප්‍රසංග පාවුළුහේවා