ඊයේ(6) සන්ධ්‍යා කාලයේ පිළියන්දල ප්‍රදේශයේ ෆාමසියක් තුළදී ඇද වැටී මියගිය 66 හැවිරිදි පුද්ගලයෙකු ගැන වාර්තාවීමෙන් පසු ඒ අවට පිරිස් මෙම මරණය ගැන සැකයක් ඇති කරගත් අතර මේ වනවිට වාර්තා වන්නේ එම මරණය
හෘදයාබාධයක් නිසා සිදුවූවක් බවයි.
මෙම පුද්ගලයාට කලක් තිස්සේ හෘදයාබාධ ලක්ෂණ පැවති බවත් සිදුවීම සිදුවූ දිනයෙහි 'පපුවේ මහන්සිය' හැදුණ බවත් ඒ සඳහා රෝහලකින් ප්‍රතිකාර ගන්නට ගොස් එන ගමනේදී අදාළ ඖෂධ ලබාගැනීමට ෆාමසියකට ඇතුළුවීමේදී ඇද වැටුණ බව මියගිය අයගේ දියනියක මාධ්‍ය වෙත දන්වා තිබේ.
මරණය ඇද වැටුණ තැනම සිදුවූ නිසා හිදිසි මරණ පරීක්ෂක වරයෙකු එතැනට පැමිණ පරීක්ෂාවක් සිදු කළ අතර අද දින සිදුවූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම පුද්ගලයාට හෘදයාබාධයක් නිසා මරණය සිදුවූ බව දන්වා තිබේ.
මියගිය පුද්ගලයා පිලියන්දල විශ්ව කලාපයේ පදිංචිකරුවෙකි.