ම්බලන්ගොඩ ප්‍රදේශයේදී එක්දරු මවක් යතුරුපැදියකින් කැඳවාගෙන ගොස් තිදෙනකු රැයක් මුළුල්ලේ දූෂණය කරමින් විඩියෝ ගතකර, නිරුවත් ඡායාරූප ලබාගත්තේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පසුගියදා (9දා) අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනකු මැයි මස 18 වැනි
දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.
 අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි

එක්දරු මවක විසින් පසුගිය මැයි 08 වැනි දින අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඊට පසු දින (9දා) සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
22 වයසැති පළමු සැකකරු පැමිණිලිකාර කාන්තාව පසුගිය මැයි 07 දින රාත්‍රි 8.0 පමණ බළපිටිය, බේරතුඩුව ප්‍රදේශයේ අතහැර දමන ලද පාළු නිවසකට කැඳවාගෙන පැමිණ
තිබෙන බවත් ඔහු පසුව දුරකථන ඇමතුම්දී දෙවන හා තෙවන සැකකරුවද කැදවාගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
පසුදින අලුයම 3.30ට පමණ වන තෙක් සැකකරුවන් තිදෙනා තමා වරින් වර දූෂණය කළ බවත් ඔවුන් සතුව තිබූ ජංගම දුරකථනවලින් දූෂණය කරන අවස්ථාවන් හා තමාගේ නිරුවත් සිරුර වීඩියෝ සහ ඡායාරූප ගතකළ බවත් පැමිණිලිකාරිය අම්බලන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප‍්‍රගතිය වැඩිදුර වාර්තාවක් මඟින් ඉදිරිපත් කරන ලෙසත් සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා අම්බලන්ගොඩ පොලිසියට දැනුම් දුන්නේය.
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ
බළපිටියේ පදිංචි 21 හැවිරිදි සහ 44 වියේ දෙදෙනෙකි. පැමිණිලිකාරීය කුඩා දියණියකගේ මවක් බවත් සැමියා මාලදිවයිනේ රැකියාව කරන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. පැමිණිලිකාරිය, පළමු සැකකරු සමඟ කැමැත්තෙන් ගියේද යන්න සහ දෙවන හා තුන සැකකරුවන් කැඳවාගැනීම මෙම වීඩියෝ ගතකිරීම හා ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ සිදුකරන බවත් අමිබලන්ගොඩ පොලිසිය පැවැසීය.
බළපිටිය - දම්සාරි ලියනගේ