2019 සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ සාමාර්ථ ලද අය 2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ
ශ්‍රේණි සඳහා වෙනස් පාසල් වලට ඇතුළත් වීමට
කැමති සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට අද (12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව, www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකිය.
එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක් (10) දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් 2020.06.12 දිනට පෙර යොමු කළ යුතුය.